ඔක්තොම්බර් 01 දිනට යෙදී ඇති ලෝක ළමා දිනය අප පාසලේද උත්සවාකාරයෙන් සමරන ලදි. සිසුන් වෙනුවෙන් එදින විශේෂ වැඩසටහන් කීපයක් සකස් විය.
6-13 ශ්‍රේණි සියලුම දරුවන් උපාලි සම්මන්ත්‍රණ ශාලාවට කැඳවා අප පාසලේ ආචාර්ය ස්වාමීන් වහන්සේලා සිව් නමගේ ප්‍රධානාත්වයෙන් ආශිර්වාද පිරිත් සජ්ජායනයක් මුලින්ම පැවැත්විණ. ඉන්පසු විදුහල්පතිතුමා විසින් සිසුන් දැනුවත් කිරීමේ කථාවක් කරන ලදි. සිසුන්ගේ විනෝදාස්වාදය උදෙසා ළමුන්ට වැදගත් වන විඩියෝ දර්ශන පෙළක් පෙන්වීය. පන්ති මට්ටමින් දරුවන් සදහා ගුරුවරුන් විසින් කුඩා සංග්‍රහ සහ ත්‍යාගයන් ලබා දීම සිදු කළහ.